
9 ඡායාරූප
හැඳින්වීම
දිවුල්, විටමින්, කැල්සියම්, පොස්පරස්, තන්තු, ප්‍රෝටීන හා යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථවලින් අනූන ය. දිවුල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීරණ පද්ධතිය හා සම්බන්ධ ගැටලු සමනය වේ. එහි ඇති සංඝටක, මළබද්ධය දුරු කිරීමට සමත් වෙනවා මෙන් ම, බඩෙහි ඇති වන රිදීම්, අපහසුතා දුරු කරයි. එසේ ම එයට පාචනය, මළබද්ධය ආදී රෝග තත්ත්ව සුව කිරීමේ හැකියාව ද ඇත. එය ප්‍රති දිලීරකයක් ලෙස ක්‍රියා කරමින්, ආහාර ජීරණ පද්ධතියට ආරක්ෂාව ලබා දෙයි.