අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

කොහා

ஆசியக் குயில்

Eudynamys scolopaceus

අවම අවධානම

කොහා
Challiyan · CC BY-SA 4.0
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

කෝකිල කුලයට අයත් වන කොහා පරපුටු පක්ෂියෙකු ලෙස සලකනු ලබයි. එනම් අන් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දමයි. නමුත් ඔවුන්ගේ විශේෂ 3 ක් පමණ කුඩුව තමන්ම සාදාගෙන බිත්තර දමයි. විද්‍යාත්මකව කොහා Cuculidae කුලයට අයත් වේ. කෝකිල කුලයට අයත් පක්ෂීන් නම්, ගුරු කොහා, කවුඩු කොහා, උකුසු කොහා, පතන මල් කොහා, වයිර ගුරු කොහා, නිල්මල් කොහා, පුංචි කොහා, ගෝමර කොහා, ශ්‍රී ලංකා වන රතු කොහා, ලෙසයි. කොහාගේ නාදය නිතර ඇසෙන්නේ අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වාය. ඒ කාලය තුල කොහා බිත්තර දමන බැවිනි. කොහා බිත්තර දැමීමට ප්‍රදාන වශයෙන් කපුටු කූඩු යොදා ගනියි. අළු පාටට හුරු කොවුල් බිත්තර ප්‍රමානයෙන් මි:මි: 31×23 පමණ වේ. ලාකොළ පැහැති හොටක් ඇති ශ්‍රී ලංකා වත රතු මල් කොහාගේ මුහුණ රතු පාට වේ. ශරීරයේ උඩු පැත්ත කළුවන් කොළ පැහැති වන අතර උදරය ප්‍රදේශය සුදු පාට වේ. රතු මල් කොහා ලංකාවට අවේනික පක්ෂියෙකි. ප්‍රමාණයෙන් 23 cm පමණ වන කවුඩු කොහාගේ වලිගය කවුඩකුගේ මෙන් දෙකට බෙදී ඇත.

මෑත දැකීම්

මම දැක්කා

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Asian koel — CC BY-SA 4.0
  2. Wikipedia (SI): කොහා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): ஆசியக் குயில் — CC BY-SA 4.0