
8 ඡායාරූප
හැඳින්වීම
බල්ලා ක්ෂීරපායී සිවුපා සතෙකි. මිනිසා විසින් පළමුවෙන්ම හීලෑකැරුණු සතෙකි. මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ දී මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැලැකේ. මීට වසර 50000 පමණ ඈත අතීතයේ දී පවා බල්ලා මිනිස් ඇසුරේ දිවි ගෙවූ බවට පුරාවිද්යාත්මක සාධක ලැබී ඇත. ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලෝ ජීවත් වෙති. ගෘහස්ථ බල්ලා ගේ විද්යාත්මක නාමය Canis lupus familiaris ය. මොවුන් ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවැසේ. බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි. මොවුනට ඉතා තියුණු ආඝ්රහණ ශක්තියක් පවතී. මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා බල්ලෝ යොදාගැනෙති. අපරාධකරුවන්, මත්ද්රව්ය, හොරබඩු, පුපුරන ද්රව්ය සොයාගැනීමට මිනිසා පුහුණු කළ බල්ලන් යොදාගනී. මොවුනට හොඳ ඉවක් තිබුණ ද බල්ලෝ වර්ණ අන්ධයෝ යැ. එනම් මොවුනට වර්ණ නො පෙනෙයි.