අන්තර්ගතයට යන්න
ශ්‍රී ලංකාවේ වනජීවී විශ්වකෝෂය

වත රතු මල් කොහා

செம்முகப் பூங்குயில் Red-Faced Malkoha

Phaenicophaeus pyrrhocephalus

අවදානමට ලක්විය හැකිආවේණික

වත රතු මල් කොහා
AmilaSalgado at English Wikipedia · Public domain
බෙදාගන්නWhatsAppFacebookTelegramX

හැඳින්වීම

පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්‍ෂියෙක් වන වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික පක්‍ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්‍ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය. උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්‍ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි. සාමාන්‍යයෙන් නිහඬ පක්‍ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වත රතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ.

මෑත දැකීම්

දැක්කා කියලා දාන්න

මූලාශ්‍ර

  1. Wikipedia (EN): Red-faced malkoha — CC BY-SA 4.0
  2. Wikipedia (SI): වත රතු මල් කොහා — CC BY-SA 4.0
  3. Wikipedia (TA): செம்முகப் பூங்குயில் — CC BY-SA 4.0